බයිස්කෝප්ස්
  • Home
  • ඔන්ලයින් TV
    • හිරු TV
    • ITN
    • සියත TV
    • ජාතික රූපවාහිනී
    • දෙරණ TV
    • PlanetCocukTurkey Kids
    • Nat Geo Wild TV
    • NDTV Good Times
  • ඔන්ලයින් චිත්‍රපට
    • චිත්‍රපට ගොනුව
    • අලුත්ම සිංහල චිත්‍රපට
    • අලුත්ම ඉංග්‍රීසි චිත්‍රපට
    • අලුත්ම දමිල චිත්‍රපට
  • ගීත
  • චිත්‍රපට
  • ගොසිප්
  • කාලීන
  • ප්‍රවෘත්ති
  • අපගේ කතෘවරයෙකු වෙන්න
  • Celebrities
  • Miscellaneous
  • Movies
  • Music
  • Technology
    • Cell Phones
    • Computers
      • Apple OS X
      • Linux
      • Windows
    • General
  • Television
    • Cartoons
    • Comedy
    • Drama
    • Sci-Fi
  • Video Games
    • Handhelds
    • PlayStation 3
    • Wii
    • Xbox 360

Little Big Planet spawns festive level pack

Phasellus ...

Next gen iPhone auto-focus,compass revealed?

Phasellus ...

Celebrating 10 years of SpongeBob

Phasellus ...

2 French Wolverine Posters

Phasellus ...

Why Fringe Is SF TV’s Most Reassuring Show

Phasellus ...

The Attacks of 26/11 (2013) මිනිසත්කමට පිළිලයක් වූ ජිහාඩ් ත්‍රස්තවාදය

ලිපිය පලකරන ලද්දේ Chamika
 http://www.baiscopelk.com/wp-content/uploads/2013/04/The-Attacks-of-26-11-2013.jpg

ඔන්න ඉතින් බයිස්කොප්ස් වෙබ් අඩවිය බොහොම කාලෙකට පස්සේ ආයෙත් අපේ බයිස්කොප්ස් ලෝලීන්ට අලුත්ම අලුත් ඒ වගේම අමුතුම විදියක චිත්‍රපටයක් ගෙන ආවා.

මේක සත්‍ය සිදුවීමක්
ගැන කරන ආවර්ජනයක්.මේක Ram Gopal Varma කියන දක්ෂ අධ්‍යක්ෂක විසින් අධ්‍යක්ෂණය කල චිත්‍රපටයක්. මෙහි රංගන දායකත්වය දෙන්නේ දක්ෂ හින්දි නළුවෙක් වන Nana Patekar විසින් ඔහු මෙහි පොලිස් සහය කොමසාරිස්වරයාගේ චරිතය රඟ දක්වනවා.

මම හිතන්නේ අපේ යාලුවෝ හැමෝටම මතක ඇති ඉන්දියාවට මීට අවුරුදු කිහිපයකට කලින් ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල උනා 2008 නොවැම්බර් 26 වන දින. ඉන්දියාවේ මුම්බායි වල තියෙන සුපිරි තරු පහේ හෝටලය වන තාජ් මහල් පැලස් ඇන්ඩ් ටවර් හෝටලය සහ ප්‍රධාන දුම්රිය පොළ වන CST (චත්‍රපති ශිවාජි ටර්මිනස්) දුම්රිය පොළ, ඔබරෝයි ට්‍රයිඩෙන්ට් හෝටලය, ලියෝපොල්ඩ් අවන්හල, නාරිමන් හවුස් නමැති සමාජ සත්කාරක ආයතනය, කැමා රෝහල (ළමා සහ කාන්තා), මෙට්‍රෝ සිනමා හල සහ ශාන්ත සේවියර් පාසැල යන ස්ථාන ඉලක්ක කරගෙන මේ ත්‍රස්තවාදී ප්‍රහාරය දියත් උනා. තව මතක විදිහට කාර් බෝම්බයකුත් පිපිරී ගියා. කොහොමහරි මේ මිලේච්ඡ් ප්‍රහාරයෙන් 166 දෙනකු මරුමුවට පත්ව 238 දෙනෙක් දෙනෙකු තුවාල ලැබුවා. මෙහිදී මේ නිවට ත්‍රස්තවාදීන් ඉලක්ක කර ගත්තේ අහිංසක නිරායුධ මිනිසුන් ගැහැණුන් සහ පුංචි දරුවන්. එහි කෘරත්වය සහ මිලේච්ඡත්වය ගැන අපේ රටේ අයට නම් අමුතු දෙයක් නෙමෙයි මීට වසර කිහිපයකට කලින්. ඒ නිසා මේ වගේ ප්‍රහාර අපේ රටේ නොවුනමත් නෙමෙයි මතක නම් කොලොන්නාව තෙල් ටැංකි සංකීරණයට එල්ල වුන කොටි ප්‍රහාරය. ඒ වගේ එකක් තමා මේකත් හැබැයි එහි සිදු උනා වගේ ආර්ථික මර්මස්ථාන ඉලක්ක කර ගැනීමක් නෙමෙයි ඉන්දියානු ප්‍රහාරය පසු පස තියෙන්නේ නම් එහිදී හුදෙක්ම ඉලක්ක කර ගෙන තිබුනේ හැකිතාක් මිනිස්සු මැරීම වනි තුච්ඡ් අභිමතාර්ථයක්. ඒ වගේම ඉන්දියාවේ ආරක්ෂාව පිලිබඳ කළු පැල්ලමක් එකතු කරපු සිදුවීමක් මේ සිදු වීම. ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ කියනවනේ, ලොකු ලොකු කතන්දර කිව්වට ගෙදරට ඇවිත් කණට ගහල යනකන් මෙයාලගේ ලොකු ලොකු කතා කියන අයට බැරි උනා ප්‍රහාරය එල්ල කරලා දවස් තුනක් යනකන් ඒක මැඩපවත්වා ගන්න. මොකද වාර්තා වලට අනුකූලව 26 වෙනිදා රෑ ආරම්භ කල ප්‍රහාරය 29 වෙනකන් ත්‍රස්තවාදීන්ට කරගෙන යන්න ලැබුනා.
කොහොම උනත් ත්‍රස්තවාදය මොන වේශයක් අරන් ආවත් ඒකට හැඟීම් දැනීම් තියෙන මනුස්සකම තියෙන දුක සතුට විඳින ඔනෙම මනුස්ස ජීවියෙක් විරුද්ධයි. මොකද එකෙන් විනාශ වෙන්නේ අහිංසක ජිවිත පමණක්ම නිසා, එහි ගොදුරු වෙන්නේ දරු පවුලක් සුරක්ෂිත කරන තාත්තෙක්, එහෙම නැත්තන් පොඩි දරුවෙකුගේ අම්මෙක් බිරිඳක් එහෙමත් නැත්තන් මල් වගේ තමන්ගේ පණ වගේ හදා වඩා ගන්නා පුංචි මල් කැකුළක් වෙන්නත් පුළුවන්. ඒ නිසා ඒකට මම වගේම අපි හැමෝම විරුද්ධ වෙන්න ඕනේ. අද මම මේ චිත්‍රපටිය ගැන කියනවට වඩා වට පිටාව ගැන කිව්වේ මොකද මේක සත්‍ය සිදුවීමක් අලලා ගෙතුන සිනමා සිත්තමක් නිසා. එහෙනම් හැමෝටම ආරාධනා කරනවා මේ සත්‍ය සිදුවීම නරඹන්න කියලා. මොකද ඉතාමත් සංවේදී විදිහට මෙහි දර්ශන මෙහෙයවන්න මෙහි අධ්‍යක්ෂකතුමා සමත් වෙලා තියෙනවා.

ඔන්න ඉතින් කියෙව්වා ඇතිනේ..මීට එහා කියවන්න ඕනේ නැනේ..ඔයාම මේ අපුරු චිත්‍රපටය රස විඳලා බලන්නකෝ..

අහ් මතක ඇතුව කමෙන්ටුවකුත් දාගෙනම ගියොත් අපිටත් හිත සතුටුයි කියන එක අමතක කරන්නත් එපා හොඳේ..
 

700 MB කොපිය මෙතනින් බාගන්න

1.5 GB කොපිය මෙතනින් බාගන්න

සිංහල උපසිරසි මෙතනින් බාගන්න.
0 අදහස් Continue Reading

දින 25ක් මූද මැද බඩගින්නේ

ලිපිය පලකරන ලද්දේ Chamika
මූද මැදදී දින 25ක්ම නිරාහාරව සිටි බව ගාල්ලට ගෙ ආ මියන්මාර ජාතිකයන් නාවික හමුදාව සමග පැවසීය.

අඩු ගණනේ මාස දෙකකුත් දින පහක්වත් ඔවුන් මුහුදේ සිටින්නට ඇතැයි නාවික හමුදාව කියයි.

මාළු ඇල්ලීම සඳහා කිසිම උපකරණයක් ද ඔවුන් ළඟ තිබී නැත.

එහෙත් මස් කෑ බව භාෂා පරිවර්ථක හිමි නම මගින් කියා තිබේ. මස් වර්ගය මොනවාදැයි නොපැවසූ බව ද හමුදාව කියයි.

ඔවුන්ගේ සගයන් අනූ දෙදෙනකු විටින් විට මිය ගිය බවත්, ඔවුන් මුහුදට දැමූ බවත් නාවික හමුදාව සමග පවසා තිබේ.


 

 

 

 

0 අදහස් Continue Reading

සයමස් ගැබිනිය සමූහ දූෂණය ලක් කළ සෙබළුන්ට දඬුවම්

ලිපිය පලකරන ලද්දේ Chamika


ගැබිනි කාන්තාවක් පැහැරගෙන ගොස් සාමූහික වශයෙන් දූෂණය කල හිටපු යුද හමුදා සෙබළුන් සිවු දෙනකු උතුරු මැද පළාත්බද මහාධිකරණ විනිසුරු සුනන්ද කුමාර රත්නායක මහතා විසින් පසුගියදා බරපතළ වැඩ ඇතිව වසර දොළහකට දඟගෙට යවනු ලැබිය.

එම යුධ හමුදා සෙබළුන් මෙම ක්‍රියාව සිදුකර ඇත්තේ, මීට වසර පහළොවකට ඉහතදීය. එකල ඒ සිදුවීම රටේ මහත් ආන්දෝලනයට තුඩු දුන්නක් විය. ඊට මුල්වූයේ එම සෙබළුන් එකල සක්‍රිය හමුදා සේවයේ නිරතව සිටි අය වීමයි. එසේම ඔවුන් මේ අපරාධය කරන්නේද යුද හමුදා ඇඳුමින් රාජකාරියේ නිරතව සිටියදීමය.

එකල මෙම සෙබළුන්ගේ ගොදුර බවට පත් වූයේ එප්පාවල කටියාවේ පදිංචිව සිටි කාන්තාවකි. ඒ හරියටම 1998 වසරේ නොවැම්බර් 22 වෙනිදාය. එවිට ඇගේ වයස අවුරුදු විසි අටකි.

මේ අපරාධය ගැන ‍පොලිසියට දැනුම් දුන්නේ යුද හමුදාව විසින්ම වීම විශේෂිතය. ඒ යුද හමුදා ‍පොලිසියේ ලුතිනන්වරයකු වූ ලන්සක්කාර නම් වූ නිලධාරියෙකි. අනුරාධපුර මූලස්ථාන ‍පොලිසියට ඔහු ඒ ගැන පැමිණිලි කරන්නට එන්නේද තනිවම නොව, දූෂණයට ලක්වූ කාන්තාවද, ඇයව දූෂණය කළ හමුදා සාමාජිකයන්ද රැගෙනය.

අනාවරණය වූ ආකාරයට අනුව ඇයව සාමූහික වශයෙන් දූෂණය කරන්නට නායකත්වය දෙන්නේ කෝප්‍රල්වරයෙකි. සෙසු තිදෙනා ඔහු යටතේ සිටි සෙබළුන්ය.

මේ සිවු දෙනාම එදා රාජකාරියේ නිරතව සිට ඇත්තේ අනුරාධපුර ජයන්ති මාවතේ පිහිටි වික්ටර් යුද හමුදා රෝහල ආසන්නයේ ඇති බංකරයකය. මෙකල යුද්ධය දරුණුවට පැවැති වකවානුවක් වූ බැවින් සිවිල් බලයට වඩා හමුදා බලය අනුරාධපුරයේ රජකළා යැයි සඳහන් කළහොත් වරදක් නැති තරම්ය. එදා මේ හමුදා භටයන් ඇයව දූෂණය කරන්නේද තමා ගැබිනියක් බවට කෑමොර දෙන විටදීමය.

එප්පාවල කටියාවල පදිංචිව සිටි ඇය අනුරාධපුරයේ හමුදා බංකරයක් තුළදී දූෂණයට ලක්වන්නේ ගැබිනි මවුවරුන්ගේ සායනයකට සහභාගි වීමේ අපේක්ෂාවෙන් අනුරාධපුරයට පැමිණ එදින රැය පහන් කිරීමට විශ්‍රාම ශාලාවකට යමින් සිටියදීය.

ඒ වන විට ඇය හයමස් ගැබිනියකි. ඇයට එකල සිවු හැවිරිදි දරුවකුද සිට ඇත. සායනයට සහභාගිවීමේ සූදානමින් ඇය එප්පාවල සිට අනුරාධපුරයට පැමිණෙන්නේ තනිවමය. ඒ ඇයට එසේ පැමිණීම එතරම් අමුතු දෙයක් නොවන බැවිනි.

සායනයට ඇය සහභාගි වීමට නියමිතව තිබුණේ ඊට පසුදිනය. පෙර දිනයේ ඇය අනුරාධපුරයට පැමිණෙන්නේ පහසුවතකාය. එප්පාවල සිට අනුරාධපුරයට පසුදින අලුයම පැමිණීම දැඩි වෙහෙසකර කටයුත්තක් බව ඇය දැන සිටියාය.

අනුරාධපුරයට ඒ පැමිණි ඇය අනුරාධපුර නගරයේ එළවළු තට්ටුවක් කරගෙන යන ජයන්ත නම් ඇගේ හිතවතෙකු මුණ ගැසුණාය. ජයන්ත යනු ඇය කාලයක සිටම දැන හඳුනන තැනැත්තෙකි. ඇය ජයන්තගෙන් ඉල්ලා සිටින්නේ එදින රැය පහන් කරන්නට තැනක් සොයා දෙන ලෙසය.

එහිදී ඔහු ඇයව ත්‍රිරෝද රථයක නංවාගෙන රැගෙන යන්නේ රත්නමාලි විශ්‍රාම ශාලාව වෙතය. එවිට වේලාව රාත්‍රී 8.00 ට පමණ ඇත. ත්‍රිරෝද රථය ගමන් කරන්නට වූයේ ජයන්ති මාවත ඔස්සේ්ය.

ත්‍රිරෝද රථය යුදහමුදා වික්ටරි රෝහල ආසන්නයට කිට්ටු වූවා පමණි. බංකරයක රැඳී සිටි සෙබළුන් පිරිසක් ගිනි අවි අමෝරාගෙන ත්‍රිරෝද රථය වෙත කඩා පැන්නෝය. ඒ ත්‍රස්තවාදීන් පිරිසක් කොටුකරගන්නට පනින ආකාරයෙනි.

“බැහැපියව් උඹලා දෙන්නා.” ත්‍රිරෝද රථයේ රියැදුරුත් ජයන්තත් සන්නද්ධ සෙබළුන් විසින් බිමට බස්සවා ගනු ලබන්නේ එසේය. ඒ ඇය දෙසට කෑදර බැල්මක්ද හෙළමිනි. එසේ ත්‍රිරෝද රථයෙන් බස්සවාගත් දෙදෙනාව ඔවුන් රැගෙන යන්නේ අසල ඇති හරිස්චන්ද්‍ර ක්‍රීඩාංගණයටය. එහිදී ඔවුන් දණගස්සවා තබා ඇත්තේ අණට අකීකරු වුවහොත් ජීවිතයට අනතුරක් කරන බවට තර්ජනය කරමිනි.

එම අණට කීකරු නොවී වෙඩි කනවාට වඩා ඒ අණ පිළිගැනීම නුවණට හුරු බව ඔවුහු කල්පනා කළහ. ඒ අනුව ජයන්තත්, රියැදුරුත් තණකොළ ගොල්‍ලේ දණ ගසමින් ඔවුන් කියන විදිහට සිටියෝය.

ඒ අතර එක් සන්නද්ධ භටයෙකු ත්‍රිරෝද රථයේ සිටි ඇය අසලට පැමිණ ඇත. “බැහැල වරෙන් අපිත් එක්ක” ඔහු නියෝග කළේය.

“ ඒ ඇයි?” බියට පත්ව සිටි ඇය ඔහුගෙන් විමසුවාය.

“බහින්නයි කීවේ” හමුදා භටයා ඇයට තර්ජනය කරන්නට වූයේ “බැස්සේ නැත්නම් දන්නවනේ” යැයි කියමින් ගිනි අවියද ඇය වෙත දිගුකරමිනි.

ඒ අණට කීකරුවනවා හැරෙන්නට ඇයටද වෙන කරන්නට යමක් නොවීය. ඇය තම අතවූ සායන කාඩ්පත් අඩංගු බෑගයකුත්, අත්බෑගයත් අතැතිව ත්‍රිරෝද රථයෙන් බිමට බැස්සාය.

“මේ මොනවද?” යැයි පවසමින් ඒ හමුදා භටයා ඇගේ අතෙහි වූ සායන කාඩ්පත් අඩංගු බෑගය විසිකර දමමින් අත්බෑගය අතට ගෙන එහි තිබූ රුපියල් 320 ක මුදල ගෙන සාක්කුවට දමාගත්තේය.

“දැන් පලයන් අරක ඇතුළට” බංකරයක් පෙන්වමින් ඔහු ඇයව ඒ තුළට රැගෙන ගියේය.

එතැන් සිට පැය දෙකක් පුරා ඇය දූෂණයට ලක්වන්නේ ඇය සිටින තත්ත්වය ගැනවත් කිසිදු තැකීමක් නොකරමිනි. මාරුවෙන් මාරුවට සෙබළුන් සිවුදෙනා අතින්ම ඇය දූෂණයට ලක්වන්නේ තමාට එය ඉවසිය නොහැකි බව වැඳ වැටෙමින් ඇය කෑමොර දෙන විටදීය.

ජීවිතයට ඇති ආසාව නිසා වේදනාව ඉවසාගෙන සිටීම හැරුණුකොට ඇයට කෑගසන්නටවත් නිදහසක් ඒ නිසා නොවූවාය.

මේ ආකාරයෙන් ඇය අමානුෂික අපරාධයක ගොදුරක් බවට පත්වෙමින් සිටියදී වේගයෙන් පැමිණි වෑන් රථයක් එකවරම බංකරය අසල නතරකරනු ලැබිය. විදුලි පන්දම් එළියක්ද බංකරය දෙසට ආවේය. “සී.සී.එම්.පී. (යුද හමුදා ‍පොලිසිය) ද දන්නේ නැහැ. දුවපන් ගෑනියේ” ඒ අවස්ථාවේ ඇය සමග සිටි සෙබළා කලබල වෙමින් කෑමොර දුන්නේ වැඩ වරදින්නට යන බව හැඟුණු නිසා විය යුතුය.

ඒ ලද අවස්්ථාවෙන් උපරිම ප්‍රයෝජනය ගත් ඇය තම රෙදි කඩමලුද රැගෙන බංකරයෙන් එළියට දිවයන්නට විය. එසේ පලා ගිය ඇය රැය පහන් කරන්නේ මල්වතු ඔය අයිනේ වනරොදක සැඟවීය.

‍පොළොවට එළිය වැටීමත් සමග සැඟවී සිටි තැනින් එළියට එන තරුණිය යන්නේ අනුරාධපුර කඩදොළහටය. පෙර දිනයේ ඇයව රත්නමාලි විශ්‍රාම ශාලාවට රැගෙන ගිය ත්‍රිරෝද රථයේ රියැදුරු එහිදී ඇයට මුණගැසෙන්නේ අහම්බෙනි. ඇයට සිදුවූ දේ ගැන කියන්නට යුද හමුදා ‍පොලිසිය වෙත ඇයව රැගෙන යන්නේ ඔහුය.

යුද හමුදා ‍පොලිසිය ඇයව දූෂණය කළ සෙබළුන් අල්ලා ඇයත් සමග ‍පොලිසියට ගෙන ගොස් බාර දෙන්නේ ඉන් අනතුරුවය.

එසේ ගැබිනි කාන්තාවක් සාමූහිකව දූෂණය කළ ඒ සෙබළුන්ට පසුගිය ජනවාරි 31 දා අනුරාධපුර මහාධිකරණයෙන් වසර දොළහක සිර දඬුවමක් හිමිවන්නේ වසර පහළොවක් පුරා පැවැති නඩු විභාගයකින් අනතුරුව වීමද විශේෂත්වයකි.

-ලක්බිම


0 අදහස් Continue Reading

රවී එතැයි ජොනී බියෙන්!

ලිපිය පලකරන ලද්දේ Chamika



2013 පෙබරවාරි 09 වෙනි සෙනසුරාදා, සාමාන්‍ය ..

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රභලයෙකු වන කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා සහ තවත් පළාත් සභා මන්ත්‍රීවරුන් තිදෙනෙක් හෙට අනිද්දාම ආණ්ඩු පක්ෂය සමග එක්වන බවට තොරතුරු ජනමාධ්‍ය මගින් අනාවරණය කිරීමත් සමග අභ්‍යන්තර වෙළඳ ‍අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා විශාල භීතියකට පත් වී ඇති බව වාර්තා වේ.

2001-2004 වසරේ පැවති එජාප ආණ්ඩු සමයේ බාහිර හා අභ්‍යන්තර වෙළඳ කටයුතු ඇමතිවරයා ව සිටි රවි කරුණානායක මහතාට එම පදවියම නැවත ලබා දීමට ජනාධිපතිවරයා එකඟත්වය පල කොට ඇතැයි තහවුරු නොකළ ආරංචි මාර්ග සඳහන් කර සිටී. ඉතා කෙටි කාලයක් තුල අභ්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍ය ධූරය හොබවමින් අල්ලස් හා දූෂණ මගින් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ ධන කුවේරයෙකු බවට පත් වූ ජොනී ඇමතිවරයා තමන්ගේ ධන නිධානය අහිමි වී යනු ඇතැයි අස්ථාන බියකින් මේ වන විට කටයුතු කරමින් සිටී.

යම් හෙයකින් අභ්‍යන්තර වෙළඳ අමාත්‍ය ධූරය අහිමි වී ගිය හොත් විමල් වීරවංශ ඇමතිවරයා ගේ අමාත්‍යංශය ඉල්ලා සිටීමට ජොනී ඇමතිවරයා අදහස් කරගෙන සිටින බව ඔහුට සමීප ආරංචි මාර්ග සඳහන් කර සිටී.

එජාපයෙන් ආණ්ඩුවට එක්වෙනවා දැයි දැන ගැනීම සඳහා අප පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා දුරකතනය ඔස්සේ සම්බන්ධ කර ගත් විට ඔහු සිනාසෙමින් පවසා සිටියේ ඉදිරියේ සතියක හමාරක කාලයකට පුවත් පත් පුරවා ගැනීම සඳහා පුවතක් මවා ඇති බවයි.


[බර්ටි රම්යප්‍රියගෙන් උපුටා ගන්න ලද ලිපියකි] 
0 අදහස් Continue Reading

මරණ දඬුවම් හිමිවුවන්ට දරුණු රෝගාබාධ!

ලිපිය පලකරන ලද්දේ Chamika


මරණ දඬුවම නියමව සිටින සිරකරුවන් 304 දෙනකුගෙන් 200 ක්‌ පමණ දරුණු රෝගාබාධවලට ලක්‌ව සිටින බව 'දිවයින' පුවත්පත අනාවරණය කරයි.

මහනුවර බෝගම්බර සහ වැලිකඩ සිර ගෙවල්වල පසුවෙන මෙම සිරකරුවන් ඇස්‌ අන්ධ බව, මානසික රෝග, හදවත් රෝග සහ දියවැඩියාව වැනි රෝගවලට ගොදුරුව සිටින අතර මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට පෙර ඔවුන් මෙම රෝගී තත්ත්වයන් හේතුවෙන් සිරගෙවල් තුළ මිය යනු ඇති බව වැලිකඩ බන්ධනාගාරයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක්‌ සදහන් කර ඇත.

දරුණු රෝගවලට ගොදුරුව සිටින සිරකරුවන් අතර කාන්තාවෝ දෙදෙනෙක්‌ ද වෙති.

මරණ දඬුවම නියම වූ සමහර සිරකරුවන් තනිවම කතාකරන අතර තවත් සමහරු බලාගත් අතම බලාගෙන සිටින බව බන්ධනාගාරය කියයි.


[බර්ටි රම්යප්‍රියගෙන් උපුටා ගන්න ලද ලිපියකි] 
0 අදහස් Continue Reading
Older Posts Home
Subscribe to: Posts (Atom)







Categories

  • Educational (32)
  • Films (48)
  • IT (49)
  • Jokes (8)
  • News (40)
  • PC Games (3)
  • Pictures (3)
  • Social (42)
  • Softwares (40)
  • Songs (8)
  • Videos (12)
  • Watch Online Free (17)

Around The Site

  • Popular
  • Latest News
  • Latest Comments

Popular Posts

    Spell Binder TV Series | මායා බන්ධන කතා මාලාව Spell Binder TV Series | මායා බන්ධන කතා මාලාව
    One Shot Sinhala Full Movie One Shot Sinhala Full Movie
    Harry Potter and the Half-Blood Prince (2009) හැරී පොටර් ( සිංහල උපසිරැසි සමඟ) Harry Potter and the Half-Blood Prince (2009) හැරී පොටර් ( සිංහල උපසිරැසි සමඟ)
    කතා කරන ටොම් පූසා කතා කරන ටොම් පූසා
    දවසට පිරිමි 919 ක් !! දවසට පිරිමි 919 ක් !!
Back To Top
Copyright © 2012 බයිස්කෝප්ස්.
Blogger Template by Clairvo




Powered by Blogger