බයිස්කෝප්ස්
  • Home
  • ඔන්ලයින් TV
    • හිරු TV
    • ITN
    • සියත TV
    • ජාතික රූපවාහිනී
    • දෙරණ TV
    • PlanetCocukTurkey Kids
    • Nat Geo Wild TV
    • NDTV Good Times
  • ඔන්ලයින් චිත්‍රපට
    • චිත්‍රපට ගොනුව
    • අලුත්ම සිංහල චිත්‍රපට
    • අලුත්ම ඉංග්‍රීසි චිත්‍රපට
    • අලුත්ම දමිල චිත්‍රපට
  • ගීත
  • චිත්‍රපට
  • ගොසිප්
  • කාලීන
  • ප්‍රවෘත්ති
  • අපගේ කතෘවරයෙකු වෙන්න
  • Celebrities
  • Miscellaneous
  • Movies
  • Music
  • Technology
    • Cell Phones
    • Computers
      • Apple OS X
      • Linux
      • Windows
    • General
  • Television
    • Cartoons
    • Comedy
    • Drama
    • Sci-Fi
  • Video Games
    • Handhelds
    • PlayStation 3
    • Wii
    • Xbox 360

රවී එතැයි ජොනී බියෙන්!

ලිපිය පලකරන ලද්දේ Chamika



2013 පෙබරවාරි 09 වෙනි සෙනසුරාදා, සාමාන්‍ය ..

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රභලයෙකු වන කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා සහ තවත් පළාත් සභා මන්ත්‍රීවරුන් තිදෙනෙක් හෙට අනිද්දාම ආණ්ඩු පක්ෂය සමග එක්වන බවට තොරතුරු ජනමාධ්‍ය මගින් අනාවරණය කිරීමත් සමග අභ්‍යන්තර වෙළඳ ‍අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා විශාල භීතියකට පත් වී ඇති බව වාර්තා වේ.

2001-2004 වසරේ පැවති එජාප ආණ්ඩු සමයේ බාහිර හා අභ්‍යන්තර වෙළඳ කටයුතු ඇමතිවරයා ව සිටි රවි කරුණානායක මහතාට එම පදවියම නැවත ලබා දීමට ජනාධිපතිවරයා එකඟත්වය පල කොට ඇතැයි තහවුරු නොකළ ආරංචි මාර්ග සඳහන් කර සිටී. ඉතා කෙටි කාලයක් තුල අභ්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍ය ධූරය හොබවමින් අල්ලස් හා දූෂණ මගින් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ ධන කුවේරයෙකු බවට පත් වූ ජොනී ඇමතිවරයා තමන්ගේ ධන නිධානය අහිමි වී යනු ඇතැයි අස්ථාන බියකින් මේ වන විට කටයුතු කරමින් සිටී.

යම් හෙයකින් අභ්‍යන්තර වෙළඳ අමාත්‍ය ධූරය අහිමි වී ගිය හොත් විමල් වීරවංශ ඇමතිවරයා ගේ අමාත්‍යංශය ඉල්ලා සිටීමට ජොනී ඇමතිවරයා අදහස් කරගෙන සිටින බව ඔහුට සමීප ආරංචි මාර්ග සඳහන් කර සිටී.

එජාපයෙන් ආණ්ඩුවට එක්වෙනවා දැයි දැන ගැනීම සඳහා අප පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා දුරකතනය ඔස්සේ සම්බන්ධ කර ගත් විට ඔහු සිනාසෙමින් පවසා සිටියේ ඉදිරියේ සතියක හමාරක කාලයකට පුවත් පත් පුරවා ගැනීම සඳහා පුවතක් මවා ඇති බවයි.


[බර්ටි රම්යප්‍රියගෙන් උපුටා ගන්න ලද ලිපියකි] 

0 අදහස්:

Post a Comment

Newer Post Older Post Home
Subscribe to: Post Comments (Atom)







Categories

  • Educational (32)
  • Films (48)
  • IT (49)
  • Jokes (8)
  • News (40)
  • PC Games (3)
  • Pictures (3)
  • Social (42)
  • Softwares (40)
  • Songs (8)
  • Videos (12)
  • Watch Online Free (17)

Around The Site

  • Popular
  • Latest News
  • Latest Comments

Popular Posts

    Spell Binder TV Series | මායා බන්ධන කතා මාලාව Spell Binder TV Series | මායා බන්ධන කතා මාලාව
    One Shot Sinhala Full Movie One Shot Sinhala Full Movie
    Harry Potter and the Half-Blood Prince (2009) හැරී පොටර් ( සිංහල උපසිරැසි සමඟ) Harry Potter and the Half-Blood Prince (2009) හැරී පොටර් ( සිංහල උපසිරැසි සමඟ)
    කතා කරන ටොම් පූසා කතා කරන ටොම් පූසා
    දවසට පිරිමි 919 ක් !! දවසට පිරිමි 919 ක් !!
Back To Top
Copyright © 2012 බයිස්කෝප්ස්.
Blogger Template by Clairvo




Powered by Blogger