
මරණ දඬුවම නියමව සිටින සිරකරුවන් 304 දෙනකුගෙන් 200 ක් පමණ දරුණු රෝගාබාධවලට ලක්‌ව සිටින බව 'දිවයින' පුවත්පත අනාවරණය කරයි.
මහනුවර බෝගම්බර සහ වැලිකඩ සිර ගෙවල්වල පසුවෙන මෙම සිරකරුවන් ඇස් අන්ධ බව, මානසික රෝග, හදවත් රෝග සහ දියවැඩියාව වැනි රෝගවලට ගොදුරුව සිටින අතර මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට පෙර ඔවුන් මෙම රෝගී තත්ත්වයන් හේතුවෙන් සිරගෙවල් තුළ මිය යනු ඇති බව වැලිකඩ බන්ධනාගාරයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් සදහන් කර ඇත.
දරුණු රෝගවලට ගොදුරුව සිටින සිරකරුවන් අතර කාන්තාවෝ දෙදෙනෙක් ද වෙති.
මරණ දඬුවම නියම වූ සමහර සිරකරුවන් තනිවම කතාකරන අතර තවත් සමහරු බලාගත් අතම බලාගෙන සිටින බව බන්ධනාගාරය කියයි.
[බර්ටි රම්යප්‍රියගෙන් උපුටා ගන්න ලද ලිපියකි]
0 අදහස්:
Post a Comment