
කුඩා ප්‍රමාණයේ ග්‍රහකයක් (Asteroid) පෘථිවියට සමීප වෙමින් පවතින බව නාසා ආයතනය පවසයි. ඩා ෆෝර්ටීන් 2012නමින් හඳුන්වා ඇති මෙම ග්‍රහකය මේ මස 15දා පෘථිවියට සැතපුම් 17,500ක් සමීපව ගමන් කරන බව කොළඹ විශ්වවිද්‍යාලයීය භෞතික විද්‍යා අංශයේ මහාචාර්ය චන්දන ජයරත්න පැවැසීය.
2012දී ස්පාඤ්ඤ විද්‍යාඥයන් පිරිසක් විසින් සොයා ගනු ලැබ ඇති මෙම ග්‍රහකයේ විෂ්කම්භය මීටර් 45ක් පමණ ඇති වේ. වසර 15ට පසුව පෘථිවිය සමීපයෙන්ම ගමන් කරන මෙය තත්පරයට සැතපුම් 8ක වේගයකින් ගමන් කරනු ඇතැයි විද්‍යාඥයෝ පවසති. කෙසේ වෙතත් මෙය පෘථිවියේ ගැටීමේ අවදානමක් නැතැයි නාසා ආයතනය තහවුරු කර තිබේ. ඇතැම් විට පෘථිවිය වටා යන චන්ද්‍රිකාවලට නම් මෙමගින් යම් හානිදායක තත්ත්වයක් ඇතිවිය හැකි යැයි මහාචාර්ය චන්දන ජයරත්න කීය.
[බර්ටි රම්යප්‍රියගෙන් උපුටා ගන්න ලද ලිපියකි]
0 අදහස්:
Post a Comment