බයිස්කෝප්ස්
  • Home
  • ඔන්ලයින් TV
    • හිරු TV
    • ITN
    • සියත TV
    • ජාතික රූපවාහිනී
    • දෙරණ TV
    • PlanetCocukTurkey Kids
    • Nat Geo Wild TV
    • NDTV Good Times
  • ඔන්ලයින් චිත්‍රපට
    • චිත්‍රපට ගොනුව
    • අලුත්ම සිංහල චිත්‍රපට
    • අලුත්ම ඉංග්‍රීසි චිත්‍රපට
    • අලුත්ම දමිල චිත්‍රපට
  • ගීත
  • චිත්‍රපට
  • ගොසිප්
  • කාලීන
  • ප්‍රවෘත්ති
  • අපගේ කතෘවරයෙකු වෙන්න
  • Celebrities
  • Miscellaneous
  • Movies
  • Music
  • Technology
    • Cell Phones
    • Computers
      • Apple OS X
      • Linux
      • Windows
    • General
  • Television
    • Cartoons
    • Comedy
    • Drama
    • Sci-Fi
  • Video Games
    • Handhelds
    • PlayStation 3
    • Wii
    • Xbox 360

The Attacks of 26/11 (2013) මිනිසත්කමට පිළිලයක් වූ ජිහාඩ් ත්‍රස්තවාදය

ලිපිය පලකරන ලද්දේ Chamika
 http://www.baiscopelk.com/wp-content/uploads/2013/04/The-Attacks-of-26-11-2013.jpg

ඔන්න ඉතින් බයිස්කොප්ස් වෙබ් අඩවිය බොහොම කාලෙකට පස්සේ ආයෙත් අපේ බයිස්කොප්ස් ලෝලීන්ට අලුත්ම අලුත් ඒ වගේම අමුතුම විදියක චිත්‍රපටයක් ගෙන ආවා.

මේක සත්‍ය සිදුවීමක්
ගැන කරන ආවර්ජනයක්.මේක Ram Gopal Varma කියන දක්ෂ අධ්‍යක්ෂක විසින් අධ්‍යක්ෂණය කල චිත්‍රපටයක්. මෙහි රංගන දායකත්වය දෙන්නේ දක්ෂ හින්දි නළුවෙක් වන Nana Patekar විසින් ඔහු මෙහි පොලිස් සහය කොමසාරිස්වරයාගේ චරිතය රඟ දක්වනවා.

මම හිතන්නේ අපේ යාලුවෝ හැමෝටම මතක ඇති ඉන්දියාවට මීට අවුරුදු කිහිපයකට කලින් ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල උනා 2008 නොවැම්බර් 26 වන දින. ඉන්දියාවේ මුම්බායි වල තියෙන සුපිරි තරු පහේ හෝටලය වන තාජ් මහල් පැලස් ඇන්ඩ් ටවර් හෝටලය සහ ප්‍රධාන දුම්රිය පොළ වන CST (චත්‍රපති ශිවාජි ටර්මිනස්) දුම්රිය පොළ, ඔබරෝයි ට්‍රයිඩෙන්ට් හෝටලය, ලියෝපොල්ඩ් අවන්හල, නාරිමන් හවුස් නමැති සමාජ සත්කාරක ආයතනය, කැමා රෝහල (ළමා සහ කාන්තා), මෙට්‍රෝ සිනමා හල සහ ශාන්ත සේවියර් පාසැල යන ස්ථාන ඉලක්ක කරගෙන මේ ත්‍රස්තවාදී ප්‍රහාරය දියත් උනා. තව මතක විදිහට කාර් බෝම්බයකුත් පිපිරී ගියා. කොහොමහරි මේ මිලේච්ඡ් ප්‍රහාරයෙන් 166 දෙනකු මරුමුවට පත්ව 238 දෙනෙක් දෙනෙකු තුවාල ලැබුවා. මෙහිදී මේ නිවට ත්‍රස්තවාදීන් ඉලක්ක කර ගත්තේ අහිංසක නිරායුධ මිනිසුන් ගැහැණුන් සහ පුංචි දරුවන්. එහි කෘරත්වය සහ මිලේච්ඡත්වය ගැන අපේ රටේ අයට නම් අමුතු දෙයක් නෙමෙයි මීට වසර කිහිපයකට කලින්. ඒ නිසා මේ වගේ ප්‍රහාර අපේ රටේ නොවුනමත් නෙමෙයි මතක නම් කොලොන්නාව තෙල් ටැංකි සංකීරණයට එල්ල වුන කොටි ප්‍රහාරය. ඒ වගේ එකක් තමා මේකත් හැබැයි එහි සිදු උනා වගේ ආර්ථික මර්මස්ථාන ඉලක්ක කර ගැනීමක් නෙමෙයි ඉන්දියානු ප්‍රහාරය පසු පස තියෙන්නේ නම් එහිදී හුදෙක්ම ඉලක්ක කර ගෙන තිබුනේ හැකිතාක් මිනිස්සු මැරීම වනි තුච්ඡ් අභිමතාර්ථයක්. ඒ වගේම ඉන්දියාවේ ආරක්ෂාව පිලිබඳ කළු පැල්ලමක් එකතු කරපු සිදුවීමක් මේ සිදු වීම. ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ කියනවනේ, ලොකු ලොකු කතන්දර කිව්වට ගෙදරට ඇවිත් කණට ගහල යනකන් මෙයාලගේ ලොකු ලොකු කතා කියන අයට බැරි උනා ප්‍රහාරය එල්ල කරලා දවස් තුනක් යනකන් ඒක මැඩපවත්වා ගන්න. මොකද වාර්තා වලට අනුකූලව 26 වෙනිදා රෑ ආරම්භ කල ප්‍රහාරය 29 වෙනකන් ත්‍රස්තවාදීන්ට කරගෙන යන්න ලැබුනා.
කොහොම උනත් ත්‍රස්තවාදය මොන වේශයක් අරන් ආවත් ඒකට හැඟීම් දැනීම් තියෙන මනුස්සකම තියෙන දුක සතුට විඳින ඔනෙම මනුස්ස ජීවියෙක් විරුද්ධයි. මොකද එකෙන් විනාශ වෙන්නේ අහිංසක ජිවිත පමණක්ම නිසා, එහි ගොදුරු වෙන්නේ දරු පවුලක් සුරක්ෂිත කරන තාත්තෙක්, එහෙම නැත්තන් පොඩි දරුවෙකුගේ අම්මෙක් බිරිඳක් එහෙමත් නැත්තන් මල් වගේ තමන්ගේ පණ වගේ හදා වඩා ගන්නා පුංචි මල් කැකුළක් වෙන්නත් පුළුවන්. ඒ නිසා ඒකට මම වගේම අපි හැමෝම විරුද්ධ වෙන්න ඕනේ. අද මම මේ චිත්‍රපටිය ගැන කියනවට වඩා වට පිටාව ගැන කිව්වේ මොකද මේක සත්‍ය සිදුවීමක් අලලා ගෙතුන සිනමා සිත්තමක් නිසා. එහෙනම් හැමෝටම ආරාධනා කරනවා මේ සත්‍ය සිදුවීම නරඹන්න කියලා. මොකද ඉතාමත් සංවේදී විදිහට මෙහි දර්ශන මෙහෙයවන්න මෙහි අධ්‍යක්ෂකතුමා සමත් වෙලා තියෙනවා.

ඔන්න ඉතින් කියෙව්වා ඇතිනේ..මීට එහා කියවන්න ඕනේ නැනේ..ඔයාම මේ අපුරු චිත්‍රපටය රස විඳලා බලන්නකෝ..

අහ් මතක ඇතුව කමෙන්ටුවකුත් දාගෙනම ගියොත් අපිටත් හිත සතුටුයි කියන එක අමතක කරන්නත් එපා හොඳේ..
 

700 MB කොපිය මෙතනින් බාගන්න

1.5 GB කොපිය මෙතනින් බාගන්න

සිංහල උපසිරසි මෙතනින් බාගන්න.

0 අදහස්:

Post a Comment

Older Post Home
Subscribe to: Post Comments (Atom)







Categories

  • Educational (32)
  • Films (48)
  • IT (49)
  • Jokes (8)
  • News (40)
  • PC Games (3)
  • Pictures (3)
  • Social (42)
  • Softwares (40)
  • Songs (8)
  • Videos (12)
  • Watch Online Free (17)

Around The Site

  • Popular
  • Latest News
  • Latest Comments

Popular Posts

    Spell Binder TV Series | මායා බන්ධන කතා මාලාව Spell Binder TV Series | මායා බන්ධන කතා මාලාව
    One Shot Sinhala Full Movie One Shot Sinhala Full Movie
    Harry Potter and the Half-Blood Prince (2009) හැරී පොටර් ( සිංහල උපසිරැසි සමඟ) Harry Potter and the Half-Blood Prince (2009) හැරී පොටර් ( සිංහල උපසිරැසි සමඟ)
    කතා කරන ටොම් පූසා කතා කරන ටොම් පූසා
    දවසට පිරිමි 919 ක් !! දවසට පිරිමි 919 ක් !!
Back To Top
Copyright © 2012 බයිස්කෝප්ස්.
Blogger Template by Clairvo




Powered by Blogger