ඔන්න ඉතින් ආයෙත් අලුත් චිත්‍රපටියක් සමඟ මගේ යාළුවන් වෙතට බයිස්කොප්ස් ආවා....
අද අපේ අවධානය යොමු වන්නේ අවෙන්ජෙර්ස් චිතරපටය වෙතටයි.
ජෝස් වීඩ්න් විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙම චිත්‍රපටය නිෂ්පාදනය කරන ලද්දේ කෙවින් ෆීජ් විසිනි.මාවෙල් චිත්‍රකතා වීරයන් රැසකගේ එකමුතුවෙන් පෘතුවිය ආක්‍රමණය කිරීමට පැමිණෙන නපුරු දෙවියෙකු වන ලෝකී සහ ඔහුටම අයත් විටෝර් නම් පිටසක්වල හමුදාවට එරෙහි අභියෝගාත්මක සටනක් වටා ගෙතෙන මෙහි කතාව සැක් පෙන් සහ ජෝස් වීඩ්න් විසින් රචනා කර ඇති අතර තිර රචනයද සකස් වී ඇත්තේ ද ජෝස් වීඩ්න් අතිනි.Incredible Hulk චිත්‍රපටයේදී බ්රුස් බැනර් ගේ චරිතයට එඩ්වඩ් නෝටන් පන පෙවූ නමුදු මෙවර මෙම චරිතය නිරුපනය කරන්නේ මාක් රෆලෝ විසිනි.මෙහි සෙසු චරිත වන අයන මෑන්(ටොනී ස්ටාක්) සඳහා රොබට් ඩොනි ද, කැප්ටන් ඇමෙරිකා(ස්ටීව් රෝජෙර්ස්) චරිතයට ක්‍රිස් එවන්ස් ද, තෝර් චරිතයට ක්‍රිස් හෙම්ස්වර්ත් ද, හෝක් අයි(ක්ලින්ට් බාට්න්) චරිතයට ජෙරම් රේනර් ද, බ්ලැක් විඩෝ (නතාෂා රොමාන්ඕෆ්) චරිතයට ස්කාට්ලන්ඩ් ජෝහාන්සන් ද නික් ෆියුරි චරිතයට සැමුවෙල් එල්. ජැක්සන් පන පොවති.
මේ වසරේ අප්‍රේල් මස 14 වැනි දා ඇමරිකාවේදී මංගල දර්ශනය පැවති අවෙන්ජෙර්ස් චිත්‍රපටය පසුගිය 28 වනදා ඇමෙරිකාවේ ට්රිබෙකා චිත්‍රපට උළෙලටද ඉදිරිපත් කෙරුණකි.එහෙත් මෙය ඇමෙරිකාවේ ප්‍රදර්ශනය ඇරඹුණේ පසුගිය හතර වෙනිදාය.ත්‍රාසජනක සිදුවීම් පෙලකින් සමන්විත බිහිසුණු ඇමෙරිකානු ත්‍රිමාන චිත්‍රපටයක් වන අවෙන්ජෙර්ස් සඳහා දරා ඇති සමස්ත වියදම අමෙර්කානු ඩොලර් මිලියන දෙසිය විස්සකි.ඇමෙරිකාවේ පෙන්සල්වෙනියා,ඔහියෝ,කැලිෆෝර්නියා,නිව්යෝර්ක් සහ නිව් මෙක්සිකෝ ආශ්‍රිතව රූගතකිරීම් සිදු වී ඇති මෙහි ප්‍රධාන රූගතකිරීම් ආරම්භ වූයේ 2011 වසරේ අප්‍රේල් මස පස් වැනිදාය.Seamus McGarvey විසින් සිනෙමා කැමරාකරණය කර ඇති මෙම සිනෙමා පටයේ නාද රටා සිත්තම් වූයේ Alan Silvestr අතිනි.මාවල් චිත්‍රාගාරයේ නිෂ්පාදන කටයුතු සිදු වූ අවෙන්ජෙර්ස් චිත්‍රපටය ආරම්බක සතියේ උතුරු අමෙර්කාවේ ප්‍රදර්ශනයෙන් පමණක් උපයාගත් ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන දෙසිය හත ඉක්මවයි.එය සටහන් වන්නේ ආරම්භක ඕනෑම චිත්‍රපටයක් වාර්තා කල ඉහලම ආදායම ලෙසින්ය.මීට පෙර එම වාර්තාවට හිමිකම් කීවේ පසුගිය වසරේ නිකුත් වූ Harry Potter and the Deathly Hollows -2 චිත්‍රපටය වේ.එහෙත් එම චිත්‍රපටය ආරම්බක සතියේදී වාර්තා කල ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන එකසිය හැට නවයකි.ත්‍රිමාන චිත්‍රපටයක් ලෙස ආරම්භක සතියේදී වාර්තා කල ආදායම ට හිමි වාර්තාවද තමන් සතු කර ගැනීමට සමත් වූ අවෙන්ජෙර්ස්,ත්‍රිමාන චිත්‍රපටයක් ලෙස ආරම්භක සතියේදී වාර්තා කල ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන එකසිය අටකි.මීට පෙර මෙම වාර්තාවට හිමිකම් කීවේ 2010 වසරේ නිකුත් වූ Alice In Wonderland චිත්‍රපටය වේ.එහෙත් එම චිත්‍රපටයට ආරම්භක සතියේදී උපයා ගැනීමට හැකි වූයේ අමෙර්කානු ඩොලර් මිලියන අසූ එකක් පමණි.
IMAX තාක්ෂණයෙන් නිෂ්පාදනය කරන ලද චිත්‍රපටයක් වශයෙන් ආරම්භක සතියේදී වාර්තා කල වැඩිම ආදායම වාර්තා කල මෙම චිත්‍රපටය එම සතියේදී උපයා ගත ආදායම අමෙර්කානු ඩොලර් මිලියන පහළොවකි.එමෙන්ම දින තුනක් ඇතුලත ඇමෙරිකානු ඩොලර් මිලියන එකසිය පනහේ කඩ ඉම පසු කරමින් වැඩිම වේගයෙන් එම කඩ ඉම පසු කල පසු කල චිත්‍රපටය බවට පත අවෙන්ජෙර්ස් ,පළමු දින හය තුලදී අමෙර්කානු ඩොලර් මිලියන දෙසිය පනහේ කඩයිම පසු කරමින් වැඩිම වේගයකින් එම කඩයිම පසු කල චිත්‍රපටය ලෙසද වාර්තා පොත් අතරට එක් වන්නේ හොලිවුඩ් වංශ කතාවේ අලුත් පරිච්චේදයක් සනිටුහන් කරමිනි.චිත්‍රපටය මේ වන විට අත්පත් කරගෙන ඇති සමස්ත ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 775 ඉක්මවයි.
IMDB හි හැඳින්වීම-
"Nick Fury of S.H.I.E.L.D. brings together a team of super humans to form The Avengers to help save the Earth from Loki and his army. "
එහෙනම් අපේ බයිස්කොප්ස් යාලුවනේ මේ පට්ට ෆිල්ම් එකත බාගෙනම රසවිඳිමු නේද.....මතක ඇතුවකමෙන්ටුවකුත්දාගෙන යන්න කියලා මම අපේ බයිස්කොප්ස් යාලුවන්ගෙන් කාරුණිකව ඉලා සිටිනවා....
1.91 GB ෆිල්ම් එක මෙතනින් බාගන්න
712 mb ෆිල්ම් එක මෙතනින් බාගන්න
ඉංග්‍රීසි උපසිරසි මෙතනින් බාගන්න
ට්‍රේලර් එක මෙතනින් බලන්න
2 අදහස්:
This webpage is not available kiyala watenawaneh.. download karnna bane torrent eka :/
aththtma dala thiyena description 1 hondai. film 1 background 1 gena apita pehedili idea 1 ganna pulwan 1n,, namuth niyma quality 1 denna , ,
Post a Comment