
ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවරට කිලෝමීටර් 400ක් උතුරු මුහුදේදී අනතුරට පත් ධීවර යාත්‍රාවක සිටි ධීවරයකු බේරා ගැනීමට එරට වෙරළාරක්ෂක නිළධරයෝ සමත් වූහ. පැය 24ක් පුරා මුහුදේ නිරුවතින් පිනමින් සිටි ඔහු බේරා ගන්නා විට මිනී මෝරුන් රංචුවකට මැදි ව සිටි බවත් අනතුරට පත් ධීවර යාත්‍රාවේ සිටි එක් අයකු අතුරුදන්ව ඇති බවත් තමාගේ අනෙක් මිතුරා මෝරුන් විසින් කා දමන අයුරු දුටු බවත් හැකි තරම් ඈතට පිහිනා ගොස් පැය විසි හතරක් පුරා තමා මුහුදේ පාවෙමින් සිටි බවත් ඔහු මාධ්‍ය හමුවේ කීය. මෙම ධීවරයා බේරා ගැනීමට තවත් මිනිත්තු කිහිපයක් ප්‍රමාද වූයේ නම් ඔහු ද මෝරුනට බිළිවන බව වෙරළාරක්ෂක සේවය කියයි.
0 අදහස්:
Post a Comment