ලංකාවේ ඔලිම්පික් නියෝජනය මෙසේ වූවාට..........

ලිපිය පලකරන ලද්දේ
Chamika
ලංකාවේ ඔලිම්පික් නියෝජනය මෙසේ වූවාට..........
නිලධාරීන් 30ක් එහි ''සැප'' ගන්න යයි,...
කුරේ නමැති මැරතන් ක්‍රීඩකයා ඉන්නේ ද ලන්ඩනයේය.. ඔහු ගැන බලාපොරොත්තුවක් තබා ගත හැකිය.. මොකද අපේ අයට වඩා පෝෂ්‍ය ගුණයෙන් යුත් ආහාර ඔහුට ලැබෙන නිසාය..
කොස් පොල් කා ඔලිම්පික් දුවන්න පුලුවන් කීවාට සුසන්තිකා කොළඹට වී ඩර්වින්, ධම්මික ඇතුළු පුහුණුකරැවන් සමග පෝෂ්‍යදායී ආහාර ලබාගත්තේය... ඇය අතීතයේ ඇත්නාවලදී කොස්,පොල්,දෙල් කන්නට ඇත! නමුත් පෝෂ්‍ය ගුණය අතීතයට බලපැවැත්වෙනවා කියා මා අසා නැත!
ෂෙහාන්, මංජුල හා චින්තන වැනි ක්‍රීඩකයින්ට මොනවා වූවා දැයි හොයන්නට නැත...
සුගත් තිලකරත්න සමගින් ප්‍රසන්න අමරසේකර දුවද්දි අපිට දැනෙන ගතිය හා ෆිට් එක මේ පාර නොදැනෙනු ඇත.....
කොහොම උන්ත උඹලා හත්දෙනාට ශක්තිය,ධෛර්ය හා වාසනාව ලැබේවා.... ලන්ඩනයේ ලෝඩ්ස් පිටියේ හෝ එක්සෙල් ක්‍රීඩාගාරයේ ජාතික ගීය වාදනය වනු දැකීම අපේ අරමුණයි...
කතෘ - මනෝරම වීරසිංහ
Subscribe to:
Post Comments (Atom)
0 අදහස්:
Post a Comment