The Eagle (2011) රෝම ඉතිහාසයෙන් වැළලී ගිය දෑ (සිංහල උපසිරැසි සමඟ)

ලිපිය පලකරන ලද්දේ
Chamika
මේකනම් පහර ෆිල්ම් එකක්.රෝම ඉතිහාසයේ සිදුවූ සිදුවීම් පාදක කරගෙන මෙම චිත්‍රපටය නිර්මාණය වුනු මේ චිත්‍රපටය 2011 වසරේදී තමයි එළිදැක්වුණේ....පහත හැඳින්වීම සිංහල විකිපීඩියා මගින් උපුටා ගත්තකි..
"රෝම ඉතිහාසඥයකු හා මාර්කස් ඔරිලියස්ගේ උපදේශකවරයකු ලෙස කටයුතු කළ මාර්කස් කොර්නේලියස් ෆේරාන්ටෝ ක්‍රි. ව. 160 දී ලියා ඇත්තේ යුදෙව්වන් අතින් ද, බ්‍රිතාන්‍යයන් අතින්ද රෝම සොල්දාදුවන් සෑහෙන සංඛ්‍යාවක් මරු දුටු බවයි.
බ්‍රිතාන්‍යයන් පාලනය කිරීම රෝම අධිරාජ්‍යයට මහත් ගැටලුවක් හා අභියෝගයක් වූ බවට අපමණ සාධක ඉතිහාසයේ තිබේ. නම වැනි ස්පාඤ්ඤ සේනාංකය බ්‍රිතාන්‍යයේදී සම්පූර්ණයෙන්ම පරාජයට පත් වූවා මිස අද්භූත ආකාරයකට අතුරුදන් වූයේ නැතැයි පවසන ඉතිහාසඥයන් තම මතය සනාථ කිරීමට ඉවහල් කර ගන්නේ් මාර්කස් කෝර්නේලියස් ෆ්‍රොන්ටෝ ගේ සටහන් සහ බ්‍රිතාන්‍යයේදී රෝම සේනාංක වෙත එල්ල වූ අභියෝගයන්ය.
කෙසේ වෙතත් නමවැනි ස්පාඤ්ඤ සේනාංකයට සිදු වූයේ කුමක් ද යන ගැටලුවට නිශ්චිත පිළිතුරක් මේ දක්වාම ලැබී නැත. අද්භූත ආකාරයට අතුරුදන් වූ මෙම රෝම සේනාංකය පිළිබඳ සිනමා පටයක් දැන් බ්‍රිතාන්‍ය - අමෙරිකා සම නිෂ්පාදනයක් ලෙස ලොව පුරා ප්‍රදර්ශනය වෙයි.
නම වැනි ස්පාඤ්ඤයේ සේනාංකයේ ලාංඡනය වූ රාජාලියා ඔවුන් භාවිත කළ පලිස් මත සටහන්ව තිබිණි.
පසුගිය පෙබරවාරි 11 දා සිට අමෙරිකාවේ හා කැනඩාවේත් පසුගිය මාර්තු 25 දා සිට එංගලන්තයේදීත් ප්‍රදර්ශනය ඇරඹූ මෙම චිත්‍රපටය ‘දි ඊගල්’ නම් වෙයි. කෙවින් මැක්ඩොනල්ඩ් ගේ අධ්‍යක්ෂණයක් වූ මෙයට පාදක වී ඇත්තේ 1954 දී ජෙරමි බ්‍රොක් හා රෝස්මරී සට්ක්ලිෆ්ස් එක්ව ලියූ ඓතිහාසික නව කතාව ‘දි ඊගල් ඔෆ් ද නයින්ත්’ය.
චැනින්ග් ටැටුම්, ජෙමී බෙල්, ඩොනල්ඩ් සදර්ලන්ඩ්, මාක් ස්ට්‍රෝන්ග්, තහාර් රහීම් හා ඩෙනිස් ඔහාරේ වැනි නළු නිළියන් රඟන මෙම චිත්‍රපටය රූගත කිරීම් ආරම්භ වූයේ පසුගිය 2009 වසරේ අගෝස්තු මාසයේය.
බොක්ස් ඔෆිස් ලැයිස්තුවේ සති ගණනාවක්ම ග්නොමියෝ ඇන්ඩ් ජුලියට්, ජස්ටින් බ්ලෙබර්, නෙවර් සේ නෙවර් හා ජස්ට් ගෝ විත් ඉට් යන චිත්‍රපටවලට පසුපසින් ‘දි ඊගල්’ සිවුවැනි ස්ථානය නියෝජනය කළේය. විචාරකයන්ගේ ප්‍රසාදය මධ්‍යම වශයෙන් දිනා ගත් මෙම චිත්‍රපටයේ ප්‍රධාන තේමාව වී ඇත්තේ රෝම සේනාංක හා බ්‍රිතාන්‍ය ගෝත්‍රිකයන් අතර ඇති වූ ගැටුම්ය.
මාර්කස් ෆ්ලැවියස් අකිලා උතුරු බ්‍රිතාන්‍යයට රෝම යුද නිලධාරියකු ලෙස පැමිණෙන්නේ ක්‍රි. ව. 140 දීය. ඔහුගේ ප්‍රධාන අරමුණ වන්නේ තම පියා සේවය කළ නම වැනි ස්පාඤ්ඤ සේනාංකයට නියම ආකාරයට සිදු වූයේ කුමක් ද යන්න සෙවීමයි.
අකිලාගේ මෙම සොයා යාම හරහා චිත්‍රපටයෙන් පැවසීමට උත්සාහ දරන්නේද නම වැනි ස්පාඤ්ඤ සේනාංකය අද්භූත ආකාරයකට අතුරුදන් වූවා නොව ගෝත්‍රිකයන්ගේ දරුණු ප්‍රහාරවලට ලක්ව සම්පූර්ණයෙන්ම වාගේ විනාශ වූ බවයි. ඉතිහාසයේ බොහෝ හිස් තැන් තිබේ. විශේෂයෙන්ම කීර්තිමත් රජකු, අධිරාජ්‍යයකු, සේනාංකයක් පරාජයට පත් වූ විට එම සැබෑව ඉතිහාසයේ නො ලියැවුණ සෙයක් පෙනී යයි. එවිට එම හිස් තැන සැම විටම පිර වූණේ අද්භූත කතා ස්වරූපයකිනි. නමවැනි ස්පාඤ්ඤ සේනාංකය පිළිබඳ ‘දි ඊගල්’ චිත්‍රපටය පවසන්නේ ද එවැන්නකි." - සිංහල විකිපීඩියා මගින් උපුටා ගත්තකි
ට්‍රේලර් එක මෙතනින් බලන්න
700 mb ෆිල්ම් එක මෙතනින් බාගන්න
1.5 GB ෆිල්ම් එක මෙතනින් බාගන්න
සිංහල උපසිරසි මෙතනින් බාගන්න
Subscribe to:
Post Comments (Atom)
0 අදහස්:
Post a Comment