බයිස්කෝප්ස්
  • Home
  • ඔන්ලයින් TV
    • හිරු TV
    • ITN
    • සියත TV
    • ජාතික රූපවාහිනී
    • දෙරණ TV
    • PlanetCocukTurkey Kids
    • Nat Geo Wild TV
    • NDTV Good Times
  • ඔන්ලයින් චිත්‍රපට
    • චිත්‍රපට ගොනුව
    • අලුත්ම සිංහල චිත්‍රපට
    • අලුත්ම ඉංග්‍රීසි චිත්‍රපට
    • අලුත්ම දමිල චිත්‍රපට
  • ගීත
  • චිත්‍රපට
  • ගොසිප්
  • කාලීන
  • ප්‍රවෘත්ති
  • අපගේ කතෘවරයෙකු වෙන්න
  • Celebrities
  • Miscellaneous
  • Movies
  • Music
  • Technology
    • Cell Phones
    • Computers
      • Apple OS X
      • Linux
      • Windows
    • General
  • Television
    • Cartoons
    • Comedy
    • Drama
    • Sci-Fi
  • Video Games
    • Handhelds
    • PlayStation 3
    • Wii
    • Xbox 360

කපිලවස්තු ධාතු දෙවැනි වරටත් ලංකාවේ දී

ලිපිය පලකරන ලද්දේ Chamika

1979 වසරෙන් පසු  ඉන්දියාවේ ජාතික කෞතුකාගාරයේ තැන්පත් කර තිබෙන බුදුරජාණන් වහන්සේගේ කපිලවත්තු සර්වඥ ධාතූන් වහන්සේලා අගෝස්තු 19 වැනිදා සිට සැප්තැම්බර් හතර වැනිදා දක්වා දිනයන්හිදී ශ්‍රී ලංකාවේ පළාත් හතකදී මහජන ප්‍රදර්ශනයට ඉදිරිපත් කිරීමට නියමිතය.

සර්වඥධාතූන් වහන්සේලා මෙසේ ශ්‍රී ලංකාව වෙත වැඩම කරවනු ලබන්නේ පසුගිය මැයි මස දහ අට වැනිදා බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යංශයේ ලේකම් කැෂියන් හේරත්, ඉන්දියා ජාතික කෞතුකාගාරයේ අධ්‍යක්ෂ ප්‍රවීන් සිරිවස්තව, බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යංශයේ නියෝජ්‍ය අමාත්‍ය ඒ.ඩී.එස් ගුණවර්ධන, ඉන්දියා මහකොමසාරිස් අශෝක් කේ කාන්ත යන මහත්වරුන් අතර ඇතිවූ ගිවිසුමක් අනුවය.

වසර 113කට ඉහතදී, ඉන්දියාවේ පළමු පුරා විද්‍යා ගවේෂණ අධ්‍යක්ෂණය කළ ඇලෙක්සැන්ඩර් කහින්හැම් විසින් සොයා ගැණුනු මේ සර්වඥ ධාතූන්වහන්සේලා හමුවී ඇත්තේ බිහාර් ප්‍රාන්තයේ සිදු කළ කැණීම් කටයුතු වලදීය.

පුරාණ පොත පතෙහි සඳහන් වන අන්දමට බුදුරජාණන්වහන්සේගේ පරිනිර්වාණයෙන් පසු උන්වහන‍්සේගේ දේහය ආදාහනය කිරීමෙන් අනතුරුව ධාතු අට කොටසකට බෙදා එක් කොටසක් කපිලවත්තුපුරයේ නෑයනට දී ඇත.

මහා පරිනිබ්බාන සූත්‍රයේ කියැවෙන ලෙසට, බුදුන්වහන්සේගේ සර්වඥ ධාතූන්වහන්සේලා, කපිලවස්තුපුරයේ ශාක්‍යවරුන් අතට ලැබී තිබේ.

සර්වඥධාතූන් වහන්සේලා ශ්‍රී ලංකාවේදී ප්‍රදර්ශනය කිරීම මගින් දෙරට අතර සබඳතා තවදුරටත් ශක්තිමත් වනු ඇත.

කැලණිය මානෙල්වත්ත විහාරයේ එම ධාතු ප්‍රදර්ශනය පැවැත්වෙනුයේ කපිලවත්තු රජ මාලිගයේ අනුරුව අනුව ඉදිකළ මන්දිරයේදීය.

ශ්‍රී ලංකාවේදී සර්වඥධාතූන්වහන්සේලා ප්‍රදර්ශනය කෙරෙන දින හා ස්ථාන මෙසේයි.

අගෝස්තු 19-22 කපිලවස්තු ශාලාව, මානෙල්වත්ත මහා විහාරය, කැලණිය.

අගෝස්තු 23-24 ශ්‍රී සුමංගල පිරිවෙන වාරියපොළ.

අගෝස්තු 25-26 ජයන්ති විහාරය, අනුරාධපුර.

අගෝස්තු 27-28 අග්‍රබෝධි විහාරය, කන්තලේ.

අගේස්තු 29-30 නාරාන්විට පන්සල, ගම්පොල.

අගෝස්තු 31-සැප්තැම්බර් 01 රජමහා විහාරය, පැල්මඩුල්ල.

සැප්තැම්බර් 02-සැප්තැම්බර් 04 මාතර කොටිකාගොඩ රජමහා විහාරය, මාතර.


 


0 අදහස්:

Post a Comment

Newer Post Older Post Home
Subscribe to: Post Comments (Atom)







Categories

  • Educational (32)
  • Films (48)
  • IT (49)
  • Jokes (8)
  • News (40)
  • PC Games (3)
  • Pictures (3)
  • Social (42)
  • Softwares (40)
  • Songs (8)
  • Videos (12)
  • Watch Online Free (17)

Around The Site

  • Popular
  • Latest News
  • Latest Comments

Popular Posts

    Spell Binder TV Series | මායා බන්ධන කතා මාලාව Spell Binder TV Series | මායා බන්ධන කතා මාලාව
    One Shot Sinhala Full Movie One Shot Sinhala Full Movie
    Harry Potter and the Half-Blood Prince (2009) හැරී පොටර් ( සිංහල උපසිරැසි සමඟ) Harry Potter and the Half-Blood Prince (2009) හැරී පොටර් ( සිංහල උපසිරැසි සමඟ)
    කතා කරන ටොම් පූසා කතා කරන ටොම් පූසා
    දවසට පිරිමි 919 ක් !! දවසට පිරිමි 919 ක් !!
Back To Top
Copyright © 2012 බයිස්කෝප්ස්.
Blogger Template by Clairvo




Powered by Blogger