
බ්‍රයන් ඩයිසන් යනු කොකා කෝලා සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරියෙකි (CEO). මේ ඔහු විසින් තත්පර තිහකදී කරන ලද කෙටි දේශනයකි.
හිතන්න ජීවිතය කියන්නේ බෝල පහක අහසට විසි කරමින් ඒවා යලිත් අල්ලා ගනිමින් කරන ක්‍රීඩාවක් ලෙසට.ඒවානම් රැකියාව,පවුල,සෞඛ්‍ය,මිතුරන් සහ විනොදාන්ෂයි.ක්‍රීඩාවට අනුව ඔබ මේ සෑම බොලයක්ම බිම වැටෙන්නට නොදී තබා ගැනීම අත්‍යාවශ්‍යයි.
ඔබ ඉතා ඉක්මනින් හෝ පසු වී හෝ වටහා ගනීවි රැකියාව යනු රබර් බෝලයක් බවත්, එය වැටුනොත් නැවතත් ඔබ වෙත එය පැමිණෙන බවත්.නමුත් අනෙක් බෝල හතර, එනම් පවුල,සෞඛ්‍ය,මිතුරන් සහ විනොදාන්ෂ හැදිලා තියෙන්නේ වීදුරු වලින්.ඒවා එක වරක් බිම වැටුනහොත් යලිත් පිළිසකර කිරීමට නොහැකි අන්දමින් පලුදු වේවි.යලිත් කිසිම දිනෙක ඒවා පෙර පරිදි නොවේවි.එම නිසා ජීවිතය නමැති ක්‍රීඩාවේදී මෙම වීදුරු බෝල හතර බිම වැටෙන්නට නොදී තබාගැනීමට ඔබ සෑම උත්සාහයක්ම ගත යුතුයි.
කාර්යාල වෙලාව තුල ඔබ ගන්නා වැටුපට සරිලන කාර්යක්ෂමව සේවය කරන්න.නියමිත වෙලාවට කාර්යාලයෙන් පිට වී ඔබේ පවුලට සහ ඔබේ මිතුරන්ට අවශ්‍ය කාලය ලබා දෙන්න.ඔබේ සිරුරට අවශ්‍ය විවේකය ලබා දී ඔබේ විනෝදාංශ වල යෙදීමටද අමතක නොකරන්න.
කතෘ - චාමික විදුරංග
0 අදහස්:
Post a Comment