
මේ පින්තූරයෙන් පෙන්නේ අන්තර්ජාලයේ පවා මහා පෙරළිකාර දසුනක් වූ මැලේසියාවේ කැලයකදී හමු වූ දැනට මිහිපිට දැක ඇති ලොකුම සර්පයා වේ.
මැලේසියාවේ එක්තරා කම්කරුවන් පිරිසක් එහි කැලයක් ඩෝසරයක් භාවිතාකරමින් එලි කරමින් සිටින අවස්තාවකදී එම ඩෝසරය හසුරුවමින් සිටි පුද්ගලයා එහි හාරන ලද පස තුල රුධිරය විශාල වශයෙන් දැක ඇත.පසුව ඔහු එතන යටට හාරන අවස්තාවේදී තමයි ඔහු දැනගෙන තිබෙන්නේ මෙතන සර්පයෙක් වැනි ජීවියෙක් ඇති බව.එම අවස්තාවේදී මොහු එකවරම මෙම සුවිශාල සර්පයා දැක ඇත.ඔහු එය දකින විටත් මෙම සත්වයා තම ජීවිතයෙන් සමු ගෙන සිට ඇති අතර මෙම සිද්ධියෙන් පසු මෙම ඩෝසරය හැසිරවූ පුද්ගලයා තුල ඇති වූ කම්පනය නිසා ඔහුට හෘද රෝගයක් (Heart Attack) ඇති වී මිය ගොස් ඇත.
ඉතින් ඔබට සිතාගන්න පුලුවන්ද මෙම පුද්ගලයා කෙතරම් කම්පනයට ලක්ව ඇතිද කියා මෙම අත්භූත සත්වයා දුටු විට සහ මෙම සත්වයා මිය යාමෙන් පසු.
වාර්තා වල සඳහන් වන ආකාරයට මෙම අත්භූත සත්වයා අඩි 55 ක් (16.7m) දිග වේ.එමෙන්මඑම වාර්තා වලට අනුව මෙම සත්වයා කිලෝග්රෑම් 300 ක් පමණ බර වන අතර මෙම සත්වයා වයස අවුරුදු 140 ක් පමන වයස වන බවයි.
මෙම වාර්තාවට අනුවදැනට ලෝකයෙන්ම හමු වී ඇති සර්පයන් අතරින් විශාලතම සර්පයා මෙම සත්වයා වේ.
කතෘ-චාමික විදුරංග
0 අදහස්:
Post a Comment