බයිස්කෝප්ස්
  • Home
  • ඔන්ලයින් TV
    • හිරු TV
    • ITN
    • සියත TV
    • ජාතික රූපවාහිනී
    • දෙරණ TV
    • PlanetCocukTurkey Kids
    • Nat Geo Wild TV
    • NDTV Good Times
  • ඔන්ලයින් චිත්‍රපට
    • චිත්‍රපට ගොනුව
    • අලුත්ම සිංහල චිත්‍රපට
    • අලුත්ම ඉංග්‍රීසි චිත්‍රපට
    • අලුත්ම දමිල චිත්‍රපට
  • ගීත
  • චිත්‍රපට
  • ගොසිප්
  • කාලීන
  • ප්‍රවෘත්ති
  • අපගේ කතෘවරයෙකු වෙන්න
  • Celebrities
  • Miscellaneous
  • Movies
  • Music
  • Technology
    • Cell Phones
    • Computers
      • Apple OS X
      • Linux
      • Windows
    • General
  • Television
    • Cartoons
    • Comedy
    • Drama
    • Sci-Fi
  • Video Games
    • Handhelds
    • PlayStation 3
    • Wii
    • Xbox 360

ඩැනී බොයිල් ගේ බොයිල් නොවුණු ඔලිම්පික් මායාව......!

ලිපිය පලකරන ලද්දේ Chamika

ඔලිම්පික් සමාරම්භක උළෙල සජීව විකාශය නැරඹුවේ නැතත් නැවත විකාශය මා දුටුවා.. මා සිතේ මැවුණු චිත්ත රෑප සියල්ල යථාර්ථයක් නොවූවත් ඉන් අඩක් පමණ තාත්වික හා ජීවමාන ලෙසින් ඉදි
රිපත් කරනු ලැබුවා.. චීන සමාරම්භක උළෙලේ තිබුණේ චීනුන්ට ආවේණිත ජිල්මාට් වැඩය. ඒවා අපේ කාන්තාවන් මහත් අභිරැචියෙන් වර්ණනා කළේ ඔවුන්ගේ රසය එය වූ නිසාවෙනි... එබැවින් ඔවුන්ට මෙය දියාරැ ස්වරෑපයක් ගත් එකක් වුණා... මිතුරන් කිහිපදෙනෙක්ම මෙය ඉතා මන්දගාමී නිදිමත සුළු එකක් යැයි කීවද? HD තාක්ෂණයෙන් අති විශාල තිරයක මා අත්දුටු එම අත් දැකීම අතිශය රමණීය විය.

ඩැනි බොයිල්! ස්ලම්ඩොග් මිලෙනියර් අධ්‍යක්ෂවරයා. ඔහු කදිම සමාරම්භක උළෙලක් නිර්මාණය කර තිබුණා. රැජින විසින් පැරචුටයෙන් පනින දර්ශනයෙන් රැජිනව අනියමින් උපහාසයට ලක් කළද එය කාහටවත් දැනී තිබුණේ නැත. ආතර් රජුගේ පුරාවෘතයේ සදහන් ග්ලැස්ටන්බර් කන්දත් සුවිශාල ඕක් ගසකුත් නිර්මාණය වී තුබුණු අතර ‘‘මිල් ඔන්ද ෆ්ලොස්‘‘ වැනි කෘති කියැවූ අපට සිහිගැන්වෙන ජලරෝදය පසෙකින් තිබුණා.. එංගලන්තයට ආවේණික මහා සාහිත්‍ය සම්ප්‍රදාය තුළින් මෙය තවත් හැඩගන්වන්නට තිබුණි.. රොබින්හුඩ් පුරාවෘත්තය, විශිෂ්ට ඉංග්‍රීසි නාට්‍ය කොටස්, දැවැන්ත සිනමාපටවල සිදුවීම්, දුම්රිය ඉතිහාසය, ෂර්ලොක් හෝම්ස්, හා සාහිත්‍යෙය් සදහන් අපේ මනසේමැවෙන බොහෝ දෑ තුළින් ලොව අතිවිශිෂ්ට සැණකෙලි සමාරම්භය සටහන් කරන්නට තිබුණත් විවිධ ජන කොටස් හා සංස්කෘතීන් හේතුවෙන් සියල්ලට පොදු සැණකෙලියක් බොයිල් විසින් සකසා තිබුණා. ඩේවිඩ් බෙකම් ගේ බෝට්ටු සවාරිය ජේම්ස් බොන්ඩ් සිනමාපටයක් සිහිගැන්වුණු අතර ගිනි විදුලමින් නැගි පංචමහා චක්‍ර එකතුව කාර්මික යුගයේ එංගලන්තයේ පරිණාමය පසක් කළා..


ගොවිපළ දර්ශනය, ක්‍රිකට් තරගය, බ්ට්ල්ස් සංගීත කණ්ඩායම වැනි දෑ බ්‍රිතාන්‍යෙය් කීර්තිනාමය හා ශිෂ්ඨාචාරය සමගින් බැදුනු ඒවා වූ අතර එයින් උළෙලට ආලෝකයක් සැපයූවා.. මිස්ටර් බීන් සුපුරැදු පරිදි ලොවම හිනැස්සවූ අතර පසෙක වූ යෝධ ඝණ්ඨාරයෙන් නැගුණු හඩ දවස ගණනාවක අතීතය සිහිගැන්වූවාට සැකයක් නැත..


ළමා රෝහලක දර්ශනය ඉතාම හොද ඉදිරිපත් කිරීමක් වූ අතර ජාතික ගීය ගායනා කලේද බිහිරි දරැවන්ය... දෙවන ලෝක යුද්ධයේදී එංගලන්තය ‘‘මහා බ්‍රිතාන්‍ය‘‘ බවට පත්කළ චර්චිල්ගේ පිළිරැව ජොක් එකක් සේ ගැනීම නම් ගැටලුවකි.!


කෙසේ නමුදු අමුතු චමත්කාරයක් හා දර්ශනීය බවක් නැටුම් ගැයුම් සංදර්ශනවල නොඅඩුව තිබිණි.. මහා සිනමාකරැවන් රැසක්, ලේඛකයින් අති විශාල ප්‍රමාණයක්, ‘‘නිපදවමින්‘‘ ලොවට වැඩිම බලපෑමක් කළ එකම රාජ්‍ය වන බ්‍රිතාන්‍යය ගැන තෘප්තිමත් හැගීමක් මට ඇතිවිණි....


ඒ ලෝකයේ ‘‘හොදම‘‘ දේ ලියැවී ඇත්තේ ‘‘ඉංගිරිසියෙන්‘‘ නිසාය...


කතෘ-මනෝරම වීරසිංහ

0 අදහස්:

Post a Comment

Newer Post Older Post Home
Subscribe to: Post Comments (Atom)







Categories

  • Educational (32)
  • Films (48)
  • IT (49)
  • Jokes (8)
  • News (40)
  • PC Games (3)
  • Pictures (3)
  • Social (42)
  • Softwares (40)
  • Songs (8)
  • Videos (12)
  • Watch Online Free (17)

Around The Site

  • Popular
  • Latest News
  • Latest Comments

Popular Posts

    Spell Binder TV Series | මායා බන්ධන කතා මාලාව Spell Binder TV Series | මායා බන්ධන කතා මාලාව
    One Shot Sinhala Full Movie One Shot Sinhala Full Movie
    Harry Potter and the Half-Blood Prince (2009) හැරී පොටර් ( සිංහල උපසිරැසි සමඟ) Harry Potter and the Half-Blood Prince (2009) හැරී පොටර් ( සිංහල උපසිරැසි සමඟ)
    කතා කරන ටොම් පූසා කතා කරන ටොම් පූසා
    දවසට පිරිමි 919 ක් !! දවසට පිරිමි 919 ක් !!
Back To Top
Copyright © 2012 බයිස්කෝප්ස්.
Blogger Template by Clairvo




Powered by Blogger