බයිස්කෝප්ස්
  • Home
  • ඔන්ලයින් TV
    • හිරු TV
    • ITN
    • සියත TV
    • ජාතික රූපවාහිනී
    • දෙරණ TV
    • PlanetCocukTurkey Kids
    • Nat Geo Wild TV
    • NDTV Good Times
  • ඔන්ලයින් චිත්‍රපට
    • චිත්‍රපට ගොනුව
    • අලුත්ම සිංහල චිත්‍රපට
    • අලුත්ම ඉංග්‍රීසි චිත්‍රපට
    • අලුත්ම දමිල චිත්‍රපට
  • ගීත
  • චිත්‍රපට
  • ගොසිප්
  • කාලීන
  • ප්‍රවෘත්ති
  • අපගේ කතෘවරයෙකු වෙන්න
  • Celebrities
  • Miscellaneous
  • Movies
  • Music
  • Technology
    • Cell Phones
    • Computers
      • Apple OS X
      • Linux
      • Windows
    • General
  • Television
    • Cartoons
    • Comedy
    • Drama
    • Sci-Fi
  • Video Games
    • Handhelds
    • PlayStation 3
    • Wii
    • Xbox 360

බිල් ගේට්ස් (මයික්‍රෝසොෆ්ට්ෆ්ට් හි අධිපති) ගේ සත්‍ය ජීවිත කතාව.

ලිපිය පලකරන ලද්දේ Chamika
         

" මම පාසල් යන කාලේ සමහර විෂයන් වලින් මම අසමත් වුනා.එත මගේ හොඳම යාලුවා ඒ හැම එකකින්ම  ඉහළින් සමත් වුනා.දැන් ඔහු මයිකොසොෆ්ට් හි ඉංජිනේරුවරයෙක්.නමුත් මම මයික්‍රසොෆ්ට් හි අධිපති "             


විලියම් හෙන්රි ගේට්ස් (III) (1955 ඔක්තොම්බර් 28 දින උපත ලදී) ඇමරිකානු ව්‍යාපාර ප්‍රධානියකු, මහජන හිතෛෂියකු, ලොව තෙවැනියට පොහොසත්ම මිනිසා (2008 වනවිට) හා මයික්‍රොසොෆ්ට් ආයතනයේ (ඔහු විසින් පෝල් ඇලන් සමඟ එක්ව අරඹන ලද) සභාපති ද වේ. ඔහු මයික්‍රොසොෆ්ට් ආයතනයේ දිවිය තුළ ප්‍රධාන මෘදුකාංග නිර්මාණකරු හා සභාපති ධුර හෙබවූ අතර දැනටත් වැඩිම ගණනක් කොටස් හිමි (9% ක් පමණ පොදු තොග) පුද්ගලයා ලෙස රැඳී සිටියි.


ගේට්ස් උපත ලැබුවේ සියැටල්, වොෂින්ටන් වල අතර පාස‍ලේදී ඉගෙනීමට දක්ෂ වූයේය. 1973 හාවඩ් විද්‍යාලයට ඇතුල් වූ ඔහු එහිදී ස්ටීව් බෝල්මර් (පසුව මයික්‍රොසො‍ෆ්ට් ආයතනයේ සභාපති වූ) ව හමුවිය. 1975 දී "ප්‍රසිද්ධ ඉලෙක්ට්‍රෝනික්ස්" නම් මුද්‍රණය කියවු ඔහු මයික්‍රො‍ඉන්ස්ටුමන්ටේෂන් හා ටෙලිමට්‍රි සිස්ටම්ස් ආයතනයට ඇල්ටෙයාර් බේසික්ස් ලබාදී මයික්‍රොසොෆ්ට් ආයතනය බිහි කළේය. මෙය IBM හා හවුල් වී බේසික් ඉන්ටප්‍රිටර් නම් පරිවර්තකය සාදා ගැනීමට උපකාරි විය. අනතුරුව ගේට්ස් IBM සමඟ නව ගිවිසුමක් අත්සන් කර IBM ආයතනයට හැම IBM පැකේජයක් සමඟම මයික්‍රොසොෆ්ට් PC-DOS මෘදුකාංග විකිණීමට ඉ‍ඩ සැලසීය. මෙම ගිවිසුම මයික්‍රොසොෆ්ට් මෘදුකාංග කර්මාන්තයේ ප්‍රධානියකු බවට පත් කිරීමට ඉවහල් විය.


ගේට්ස් පුද්ගලික පරිගණක විප්ලව‍ය ලොව-ප්‍රචලිත ව්‍යවසායකයන් අතරින් එක් අයෙකි. බොහෝ අය ඔහුව අගය කලත්, තවත් බෙහෝ පිරිසක් ඔහුගේ තරඟකාරී-නොවන ව්‍යාපාර උපායමාර්ග විවේචනය කරති. 2009 දී බිල් හා මෙලින්ඩා ගේට්ස් ෆවුන්ඩේෂන් පිහිටවන ඔහු ඒ හරහා විශාල මුදල් සම්භාරයක් පුන්‍යාධාර කටයුතු හා විද්‍යාත්මක පර්යේෂණ වැඩසටහන් වලට පිරිනැමීමට දායක විය.
                                


ඔහු කොපමණ ධනවත් ද යන්න කරුණු හතකින්... 


  1. බිල් ගේට්ස් තත්පරයකට ඇමරිකන් ඩොලර් 250ක්(ආසන්න වශයෙන් රුපියල් 30,000ක්) උපයයි, එනම් දිනකට ඇමරිකන් ඩොලර් මිලියන 20කි,වසරකට ඇමරිකන් ඩොලර් බිලියන 7.8කි.
     
  2. ඔහු අතින් ඩොලර් 1000ක නෝට්ටුවක් බිම වැටුනා යැයි සිතන්න,ඔහු එය ඇහිද ගැනීමට මහන්සි නොවනු ඇත,එය ඇහිද ගැනීමට වැය වන තත්පර 4ක කාලය ඇතුලත ඔහු නැවතත් ඩොලර් 1000ක් උපයනු ඇත..
     
  3. ඇමරිකා එක්සත් ජනපදයේ සමස්ත ණය ප්‍රමානය ඇමරිකන් ඩොලර් ට්‍රිලියන 5.62කි,එම ණය ප්‍රමානය බිල් ගේට්ස්ට වසර 10කට අඩු කාලයකදී ගෙවා නිම කල හැකිය.
  4. බිල් ගේට්ස්ට මිහිතලය මත වසන සියලුම මිනිසුන්ට ඇමරිකන් ඩොලර් 15ක මුදලක් ලබා දිය හැකි අතර එසේ ලබා දුන් පසුවත් ඔහු සතුව ඇමරිකන් ඩොලර් මිලියන 5ක මුදලක් ඉතිරි වනු ඇත..
     
  5. මයිකල් ජෝර්ඩ්න් යනු ඇමරිකා එක්සත් ජනපදය තුල හොදම ආදායමක් ඇති ක්‍රීඩකයෙකි.ඔහු නොකා නොබී ඔහුගේ සියලු ආදායම ඉතිරි කලහොත්(එනම් වසරකට ඇමරිකන් ඩොලර් මිලියන 30ක්)බිල් ගේට්ස් තරමට ධනවත් වීමට ඔහුට වසර 227ක් ගත වනු ඇත..
     
  6. බිල් ගේට්ස් යනු රටක් වූවා නම් එය ලොව 37වෙනි ධනවත්ම රට වනු ඇත..
  7.  බිල් ගේට්ස් තවත් වසර 35ක් ජීවත් වනු ඇතැයි සිතන්න,ඒ වන විට ඔහු සතු සියලුම ධනය අවසන් වීමට දිනකට ඔහු වැය කල යුතු මුදල් ප්‍රමානය ඇමරිකන් ඩොලර් මිලියන 6.78කි                                                                                                              
 බිල් ගේට්ස් විසින් පවසන ලද දෙයක් ! ඔබත් අනිවාර්යයෙන්ම කියවිය යුතු දෙයක්!   

                       " මම පාසල් යන කාලේ සමහර විෂයන් වලින් මම අසමත් වුනා.එත මගේ හොඳම යාලුවා ඒ හැම එකකින්ම  ඉහළින් සමත් වුනා.දැන් ඔහු මයිකොසොෆ්ට් හි ඉංජිනේරුවරයෙක්.නමුත් මම මයික්‍රසොෆ්ට් හි අධිපති....

මගේ සාරථකත්වයේ එක් කොටසක් වනනේ මම කටයුතු කිහිපයක් පමණක් කෙරෙහි මගේ අවධානය යොමු කිරීමයි.
ඔබට ව්‍යාපාරයේ පාඩම් ඉගෙනීමට ඇති හොදම ආකාරය ඔබේ වඩාත් අසතුටු වු පාරිබෝගිකයන්.
තොරතුරු තාක්ෂණය හා ව්‍යාපාර වෙන්කල නොහැකි සේ එකට බැදෙමින් පවතිනවා.කිසිවෙකුට ඉන් එකකින් තොරව අනෙක පිලිබදව අර්ථවත්ව කථා
කරන්න බැහැ.
අනාගත සියවස දෙස බලන විට නායකයන් බවට පත්වන්නේ අන් අය සක්තිමත් කරන පිරිසයි.
පරිගණකය කෙරෙහි අධික උනන්දුවක් දක්වන්නන්ට හොදින් සලකන්න.හේතුව දවසක එවන්නෙකුට සේවය කිරිමට ඔබට සිදුවීමට ඉඩ තියෙනවා.
Microsoft සමාගම සාර්ථක වුයේ අඩු වියදම් නිෂ්පාදන සිදු කිරීමෙන් හා එම නිෂ්පාදන වැඩි දියුණු කිරීමෙන් .
අපි ඇත්ත වෂයෙන්ම තොරතුරු තාක්ෂණය තනි පුද්ගලයන්ගේ මෙවලමක් බවට පත් කලා .
ඔබ මිනිසුන්ට ගැටලු පෙන්වා දී ඒවාට විසදුම් ද පෙන්වා දුන්නොත් ඔවුන් කියාත්මක වීමට පටන් ගන්නවා කියලා මම හිතනවා.
ඔබට යමක් හෙදින් කිරීමට බැරිනම් අඩුම තරමේ එය හොද ලෙස පෙනීමටවත් සකස් කරන්න.
සාර්තකත්වය සැමරීම යහපත්.නමුත් වඩාත් වැදගත් වන්නේ පරාජයේ පාඩම් කෙරෙහි අවධානය යොමු කිරීමයි.
සාර්ථකත්වය කියන්නේ කම්මැලි ගුරුවරයෙක්.එය බුද්ධිමත් පුද්ගලයින්ට "අපි පරාජය වෙන්න බැහැ" කියල සිතීමට නැබුරු කරවනවා. "
  

                                                             


  බිල් ගේට්ස්

උපත   -  ඔක්තොම්බර් 28, 1955
                      සියැටල්, වොෂින්ටන්, U.S.

        ප්‍රසිද්ධ වන්නේ -    සභාපති, මයික්‍රොසොෆ්ට් ආයතනය                  (Microsoft)සභාපති (විශ්‍රාම ලත්),
බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනම

කලත්‍රයා   -  මෙලින්ඩා ගේට්ස් (1994–present)
 
දරුවෝ  -   තිදෙනෙක්
          

                        අත්සන                           






                                                                                                                                        *උපුටා ගැනීම්-විකිපීඩියා,කජුවත්ත එක්සත් ක්‍රිකට් සමාජය,ද බිලියන් ඩොලර් බුක්

1 අදහස්:

Anonymous said...

muwa set karagana oni

August 1, 2012 at 4:03 AM

Post a Comment

Newer Post Older Post Home
Subscribe to: Post Comments (Atom)







Categories

  • Educational (32)
  • Films (48)
  • IT (49)
  • Jokes (8)
  • News (40)
  • PC Games (3)
  • Pictures (3)
  • Social (42)
  • Softwares (40)
  • Songs (8)
  • Videos (12)
  • Watch Online Free (17)

Around The Site

  • Popular
  • Latest News
  • Latest Comments

Popular Posts

    Spell Binder TV Series | මායා බන්ධන කතා මාලාව Spell Binder TV Series | මායා බන්ධන කතා මාලාව
    One Shot Sinhala Full Movie One Shot Sinhala Full Movie
    Harry Potter and the Half-Blood Prince (2009) හැරී පොටර් ( සිංහල උපසිරැසි සමඟ) Harry Potter and the Half-Blood Prince (2009) හැරී පොටර් ( සිංහල උපසිරැසි සමඟ)
    කතා කරන ටොම් පූසා කතා කරන ටොම් පූසා
    දවසට පිරිමි 919 ක් !! දවසට පිරිමි 919 ක් !!
Back To Top
Copyright © 2012 බයිස්කෝප්ස්.
Blogger Template by Clairvo




Powered by Blogger