Adobe Air |ඩෙස්ක්ටොප් එකේ වැඩ දාමුද?
ලිපිය පලකරන ලද්දේ
Chamika
හැමෝම වගේ තමන්ගේ ඩෙස්ක්ටොප් එක ලස්සන කරගන්න ගොඩක් අය වෙහෙසෙනවනේ….. පසුගිය කාලයේ වැඩියෙන්ම පිරිසක් ඩවුන්ලෝඩ් කර ගත්තු මෘදුකාංගය තමයි ඇඩෝබි එයාර්.. 2009 අවුරුද්දේ පෙබරවාරි මස වන විට ලොව පුරා මිලියන 100 ක් පමන දෙනා මේක බාගෙන තියෙනවා..ඒ තරම් පිරිසක් අතර මේ මෘදුකාංගය ප්‍රචලිත වෙලා තියෙනවා...එතකොට ඔයාලට හිතාගන්න පුලුවන්ද මේක කොහොම විදියක පට්ට මෘදුකාන්ගයක්ද කියලා...
මෙම එයාර් කියන්නේ RUN TIME ENVIRONMENT එකක්..එනම් ඩෙස්ක්ටොප් එක තුල ක්‍රියාත්මක වන විවිධ නිර්මාණ කල හැකි වැඩසටහනකි.
මෙම වැඩසටහන පිහිටුවා ඇත්තෙ පරිගණකය තුළ නිසා මෙහි ඔන්ලයින් , ඕෆ්ලයින් වෙනසක් නැත.. මෙය ඉන්ටර්නෙට් ඇති විටක ඔන්ලයින් ලෙසත් ඉන්ටනෙට් නැති විට ඕෆ්ලයින් ලෙසත් ක්‍රියා කරයි. මේ ඇප්ලික්ෂන් එකේ විවිධ ආකෘති ඇත. නමුත් එයින් වඩාත්ම ලස්සන එක කියා පිලිගන්නේ "ස්ලයිඩ් රොකට්" යන ආකෘතියයි.
මෙමගින් ෆ්ලෑෂ් ෆයිල් ක්ලිප් යොදා ගෙන ලස්සන PRESENTATIONS සෑදීමට ඉඩ ලබා දෙයි. 2009 පෙබරවාරි 25 දින මෙහි මූලික ස්ථාවර සංස්කරණය මහජනයාට නිල වශයෙන් මුදා හැර තිබේ. මෙය ලිනක්ස් , මැක් යන OS වලටත් සපෝර්ට් කරනවා.
මෙම මෘදුකාංගය මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න.
Subscribe to:
Post Comments (Atom)

0 අදහස්:
Post a Comment